Amma
අම්මා
සිහිවන විටද මා හද පතුලෙ රදවා
අවසන් වරට සුසුමක් පිටකරම් නහවා
සිනහව ඇගෙ නගනා විට කමල පවා
පින් කර ඇති බවට හැගුනා කදුලු නිවා
කවියක් ලියන්නට මගෙ පෙම්බර අම්මා ගැන
අවසර පතමි දෙවියනෙ ඔබෙ දෙවොලට පැන
සුන්දර වචන පටලා ඇගෙ මහගු ගුණ
බදා ඉවත් කර ආසිරි පතනු. මැන
නොදැනෙ අම්මෙ මා ලියනා කවි ඔබට
මතකය අමතකව ඇත්තෙ අපි කල පෙර පවට
ලියනා කවිය සෙනෙහස තවා විශ්වයට
කවදා කොතෙන හෝ හමුවෙයි අහසයට
අම්මා නැමති වස්තුව ගැන සොයන විට
ලෝකය මවා ඇති පුදුමය දැනෙයි මට
මනසින් නැගී සක්වල තුල සරන විට
ඇයම තමයි ජිවය හැම සතාට
හද තුල නැගෙන හැගුමන් අප සැම දෙනාගෙ
ඇය වෙත ගලා යයි සැනිකෙන් අදිවේගෙ
වෙනසක් නොමැත පැවේ සෙනහස ඈගෙ
සිනහ සතුටු මල් පිපියන් අම්මාගෙ
මාපිය දෙදෙන සිහියෙන් සිටි කාලේ
ආසිරි පැතුව අප හට හැම වේලේ
පිය ඔබ කොතනෙ සිටියත් මේ ලෝතලේ
දැනෙනව නේද අප පවසන ආලේ
කවියෙන් කියන්නට පද මදි ඇයගෙ ගුණ
හෝඩියෙ අකුරු නැත වචන සාදන්න
සත්සර ස්වරය ගුන කර දහසින් පමන
ගී කිය කිය සොදා හරිමි දුක් ගින්න
අයෙක් තනේ තවකෙක් කරේ අනෙකා උකුලේය
සිත නම් ඇත්තෙ කුස්සියෙ හෝ පන්තියේය
අතක් පයක් සැනසුනෙ තද නින්දේය
මෙවන් කතක් වේ නම් ඒ අපෙ අම්මාය
ඇල්ලක් ලෙසින් වැටෙනා ඇගෙ ගුන පලස
අල්ලක් පමන ගෙන කවි ගී පද විලස
අහුරක් මතකයන් පුබුදුව මෙලෙස
ලියා තබමු අමතක වෙන්නට විගස
කරනා සෑම කටයුතු සුබ පල දේවා
සිතනා සියලු පැතුමන් ඉටුකර දේවා
වදිනා දෙව් බුදුන් සරනම වේවා
සතර වරම් දෙව් වරමින් ජය වෙවා
අවසරයි!
මීට
ඩොරතිගෙ හතරවැනි එකා
(ශ්‍රිජිත් දහනායක )